දුන්න වදේ හින්දම මරලා කැව්වෙ බල්ලව
Friday, September 12, 2014
හැමදාම දැන් කාලෙක ඉඳලා හොඳ කතාම ලියන හින්දා නරක කතාවක් ලියන්න හිතුණා... පාරදිගේ කියන්නේ ඉතින් ෆිල්ම් එකක් වගේනේ... හොඳ-නරක දෙක අතරේ රට ඇතුළේ කෙරෙන එක එක මගඩි, සූත්තර, මෝස්තර අලගිය මුලගිය තැනේ ඉඳලා, එහෙම නෙවෙයි එතැනම ඉඳලා විඳලයි මේවා ලියන්නේ... එදා අපි හත්අට දෙනා හිටිය බංගලාව ඉස්සරහ ෂෝක් මේසෙක ගව, උෟරු මස් එක්ක තව කැලෑ මස් ජාති දෙක තුනක ප්ලේට් තිබුණා... එතැනම එහා පැත්තේ කූරක ගහලා මාළු කූරි දෙතුන් දෙනෙක් අවන් වෙමින් හිටියා... හඳ අහසේ භාගෙට ඇවිත්... වෙලාව හරි... වැඩේට යනවද... කතාව අහනවද...අපිට නම් ඉතින් එක්කෝ හන්ටින් යන්න ඕනේ... නැතිනම් මාළු බාන්න ඕනේ...දෙකම චාටර්...ඔව්.. මොනා කරන්නද... අපේ ජොබ් එක... මගේ කකුල කැඩුණෙත් ඒකෙන්... ඒත් ඉතින් ආසයි තාමත්... විසිපස් වැනිදා නත්තල්... ජනාධිපතිවරණේ දහනව වැනිදා... මොන කචල් ඇතිවෙයිද කියලා දන්නේ නෑනේ... ඉතින් දහඅට, දහහත දාගන්න බෑ...දවස් කීයකටද හන්ටින් යන්නේ...මෙහෙමයි... මෙහේ එක රැයක වැඩක්... පැය දහයක-ෙදාළහක... බඩු වැදුණොත් එවෙලෙම ආයිත් ගෙදර... අපි එහෙම ගිහින් කෑවා, බිව්වා තැනක (නමක් කිව්වා ගමක). නුවරඑළිය වගේ... එතකොට ඇති රෑ ෙදාළහට විතර... මේ ගමනට ඇමෙරිකාවේ ඉඳලා ආපු යාළුවෙක් හිටියා අපේ යාළුවෙක්ගේ යාළුවෙක් වෙන... පොර වියදම් කළා ඇති වෙන්න... බොන්න, කන්න දෙකම... ඒ නිසාම සෙට් වෙච්ච එක ටිකක් නැඟලා ගියා... බඩු තිබුණා කේස් ගණන්... පොරට ඕනේ වුණේ කොහොමහරි හන්ටින් පාරක් දාලා සතෙක් එළාගෙන උණු උණුවෙම කන්න... උයන්න පුළුවන් ලෙසට...කීදෙනෙක් හිටියද ඔක්කොම ගැන්සිය...ඔක්කොම හත් දෙනෙක් හිටියා... මගේ මස්සිනාත් හිටියා... මේ කියන හරිය කැලේ වුණාට වටේම තියෙන්නේ ගම්මාන... අනෙක පාරට මාර ළඟයි... වෙඩිල්ලක් පත්තු වුණොත් ඇහෙනවා පාරට... කොහොමහරි අපි රෑ ෙදාළහ හමාර විතර වෙනකම් අර ගල් තලාවේ ආතල් ගත්තා... ඇමෙරිකාවේ ඉඳලා ආව යාළුවා පිස්සුම පොරක්... උෟට තිබුණේ මස්, මාළු පිස්සුව තමයි... හිටිය දවස් ටිකට මාළු කෑවා ඇති වෙන්න...ඒ කිව්වේ වැව් මාළු...ඔව්... ආෙ¼දා් ඉන්නේ... ආෙ¼දායි, වලපොත්තයි තමයි උෟ වැඩිම ආස... තව ඉන්නවා තෙලියෝ... දැන් නම් වැව්වලවත් නැතිව ඇති... එතකොට ලූල්ලු... ඇමෙරිකාවේ ඉඳලා ආව යාළුවා එක පාරක් අපි එක්ක ගියා වැවකට...හන්ටින් යන්න ඉස්සරද...ඔව්... පොර අරගෙන ගිහින් තිබුණා පාන් පිටි බාස්කට් එකක්... ලොකු එකක්... ආ¼දා කියන්නේ ලිස්සනවනේ... අල්ලන්න බෑ... සෙවල... මූව අල්ල ගත්ත ගමන් දාන්නේ අර පාන්පිටි බාස්කට් එකට.. ආ¼දා දඟලනවා දැඟලිල්ලක්... බාස්කට් එක පැළෙයි කියලා හිතෙන්නේ... මේ පිටි අරගෙන හූරලා ගන්නවා... ඊට පස්සේ රොටි හදලා කනවා... ආ¼දාවත් හොදි හදනවා... ඒ පොර හිතන් හිටියේ ලංකාව කියන්නේ තවමත් වනචාරි මිනිස්සු ඉන්න රටක් කියලා...උෟ ඇමෙරිකන්කාරයෙක්ද?නෑ... සිංහල එකෙක්... පොඩි කාලෙම එහේ ගිහින්... උෟ කියනවා මූදේ තෝරා වගේ තමයිලු වැවේ ලූලා... උෟ මේවා ගැන මාර විදියට හොයලා තියෙන්නේ...ඉතින් එදා රෑ මොකද වුණේ...?එදා රෑ එතැන සෙට් වෙලා පට්ට ආතල් එකක් අරගෙන අර පොරයි, අපේ තව එකකුයි ගියා හන්ටින්... අපිව එතැන තියලා... කොහොමහරි අපි ගල් තලාවේ නිදාගෙන අහස දිහා බලාගෙන හිටියා... දෙක වුණා...තුන වුණා... තවම නෑ... දැන් මාරුවෙන්න ඕනේ වෙලාව.. හතර වෙද්දි වටේම අය ඇහැරෙනවා... ඊට පස්සේ කැලේ ඉඳලා වාහනයක් ගියොත් පාරට පේනවා... ඇහෙනවා... තව පැය කාලක් බැලුවා... යාළුවෝ නෑ... එතකොටම වෙඩි සද්දයක් ආවා කන ළඟම... තව විනාඩි දහයක් විතර ගියා... ගිය ඩබල ආවා...හිස් අතින්...ඔව්... අර පොරට පිස්සු වගේ... උෟට කොහොමහරි මස් කන්න ඕනේ... පට්ට වධයක් දෙන්න ගත්තා උෟ... අපි කිව්වා දැන් මෙතැන ඉන්න එක අවදානම්... මාරුවෙමු කියලා... අරූ අහන්නෙ නෑ... මොනවා කරන්නද... පස්සේ බලෙන්ම වගේ පොරවත් නග්ගගෙන කැලෑ කෑල්ලෙන් පිටවුණා...ඒ කැලේ හැම සතෙක්ම ඉන්නවද...අලි නෑ... අනෙක් එවුන් නම් ඇති... කොටියා, වලහා නම් කියන්න බෑ... හැබැයි කොළ දිවියෝ නම් අම්මපා ඉන්නවා...ඒ කොහොමද එහෙම කියන්නේ... දැකලා තියෙනවද...නෑ... මස් දැකලා තියෙනවා... ඉන්නකෝ කතාව කියනකම්... පස්සේ මේ පොර අපිට එක එක හින්ට් ගහන්න ගත්තා... උඹලා කෑවේ බිව්වේ මගේ සල්ලිවලින්... උඹලට එක සතෙක් මරාගන්න බැරිවුණා... වෙන සෙට් එකක් එක්ක ගියා නම් මෙලහකට මුවෝ දෙන්නෙක්වත් මරාගෙන...ඒ කියන්නේ පොර නිතර ලංකාවට එනවා...නෑ... උගේ ඔළුවේ තියෙන චිතේර්... ඉතින් දැන් අපේ යාළුවටත් අප්සට්... මේකා බීලා නන්ෙදාඩවනවා කියලා ඒ යාළුවා කියනවා... කොහොමහරි අපේ අයටත් අප්සට්... ඒත් බීලා කාලා කුල කියවන එක ඊට වඩා අප්සට්... කොහොමහරි අපි උදේ පහ විතර වෙද්දි මෙහෙට ආවා... එහෙම ඇවිල්ලා විසිරිලා ගියේ එදා රෑත් යන්න ගණන් හදාගෙන...ඒ කියන්නේ ළඟ ළඟම...ඔව්... පස්සේ අපි එදා රෑ හැමදේම අපි ගාණේ සෙට් කළා... රෑ එකොළහට විතර ගියා අදාළ තැනට... ඊයේ හිටිය අයගෙන් දෙන්නෙක් එදා හිටියේ නෑ...කොහොමහරි අපි පස්දෙනයි ජීප් එකට හිටියේ... ගිහින් රෑ සෙට් වෙලා අර පිස්සටම ඕනේ වුණා එදත් හන්ටින් යන්න... අපි කිව්වා 'අද උඹ ඉඳපන් අපි ගිහින් සතෙක් මරාගෙන එන්නම්' කියලා... පොර බෑ කිව්වා... යන්නම ඕනේ වුණා... පස්සේ පොරයි, තව නොම්මර එකේ අපේ එකෙකුයි පල්ලම් බැස්සා... රෑ තුනයි තිහට විතර ආවා මුකුත් නෑ... එදා කතා බතා මොනවත් නෑ... අපි මාරු වුණා... එහෙම යන ගමන් මෑන් කිව්වා උඹලට කවදාවත් මට හන්ටින් කරලා මස් කන්න දෙන්න බෑ... උඹලා නිකන් ගොඩයෝ ටිකක් කියලා...නියමයි නේද...මොනවද කියන්නේ... අපිට පට්ට අප්සට්... එහෙමම ඇවිත් අපි කිව්වා අද ආයෙත් යන්න බෑ... අනිද්දට යමු... ඊටපස්සෙ දවසේ ඉලෙක්ෂන්...එතකොට කොහොමද...ඉන්නකෝ... පස්සේ අපි උන් දෙන්නට යන්න ඇරලා ප්ලෑන් එකක් ගැහුවා... කිව්වා වගේම ඉලෙක්ෂන් එකට ඉස්සරින් දවසේ රෑ සෙට් වුණා කට්ටිය... ගියා තැනට... අපේ දෙන්නෙක් හන්ටින් ගියා... අපි ලකා ගහගෙන ගල උඩ හිටියා... ගිහින් පැය භාගෙන් වෙඩිල්ල පත්තු වුණා... මං කිව්ව 'හරි අද නම්' කියලා... මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා... කොළ දිවියෙක්ට ගැහුවා... අරූ කනවද අහපන් කියලා... මං ඇහුවා... උෟ හා කිව්වා... මං කිව්වා හම ගහගෙනම වරෙන් කියලා... ෆෝන් එක තිබ්බා... ඒ ගමන ඉතින් අපි පරණ ආගිය බයිලා ගගහා පැය දෙකක් විතර හිටියා... රෑ තුනට විතර යාළුවෝ දෙන්නා ආවා... පෝර බෑග් එකක බඩු දාගෙන... ලේ පෙරෙනවා ගෙනත් අරූ අතටම දුන්නා... ජීප් එකට නැග්ගා... කෙළින්ම ඇවිත් අපි මෙතැනින් බැස්සා... ඒ දෙන්නට බංගලාවට යන්න කිව්වා...ඉතින් ඔයගොල්ලන්ට යන්න කතා කළේ නැද්ද...මොකද නැත්තේ... උදේ ඉඳලා ෆන් එකක් ගමු කිව්වා උන්ගේ බංගලාවේ... අපි කිව්වා එන්න බෑ අද ඉලෙක්ෂන්නේ... වැඩ කියලා... එදායින් පස්සේ අද වෙනතුරු මට උන් දෙන්නා හම්බවුණේ නෑ...හරි මොකක්ද ඇත්තටම වුණේ...මොනවා කරන්නද මචං.. අපි යන ඔය ගල උඩ ඉඳලා දකුණට බැස්සාම තියෙන්නේ නුවර පාර... එතැන (ගමක නමක්) හන්දිය... එතැන ඉන්නවා බල්ලෝ දෙතුන් දෙනෙක්... හැමදාම දවල් රෑ දෙකම... අරුන් දෙන්නා ගලෙන් බැහැලා ගිහින් බොරුවට වෙඩිල්ලක් තියලා අර හන්දියේ බල්ලෙක්ට කන්න මොනා හරි දීලා බෙල්ල මිරිකලා මරලා මඟට ගෙනත් හම ගහලා, කපලා...ඇති නේද... මේවා තමයි වැඩ කියන්නේ... ඒ වුණාට ඒ අයට ඒකේ වගක් නෑ... මට නම් හිතෙන්නේ මේ කතාව සැර වැඩියි වගේ... ඒ වුණාට මීට වඩා සුපිරි කතාවක් තියෙනවා ලංකාවේ නොම්මර එකේ වනාන්තරේක... ඒකේ බඩු ටික හරියට අතට ලැබුණාම ඒ කතන්දරෙත් අහමු... මොනවා වුණත් මේ වගේ කතාවක් පාරදිගේ යද්දී අහන්න ලැබුණු මං පවුකාරයෙක්ද පින්කාරයෙක්ද දන්නේ නෑ... එතකොට මේ කතාව කියවපු ඔබත් ඒ වගේ...
Share this on Facebook
කාලීන
Comments[ 0 ]
Post a Comment