හාලි ඇළ එජාප රුළියේ සංවිධායකගේ රියට ප්රහාරයක්
Friday, September 12, 2014
ගිණි තබන්න දැරූ උත්සාහය නූලෙන් වැලකෙයිබදුල්ල හාලිඇළ එන්.එච්.එන්.නව්ෂාඩ් ට අයත් ත්රී වීල් රථයකට සැප්. 12 (අද) අලුයම ප්රහාරයක් එල්ල කොට තිබේ.ඊයේ (සැප්. 11) දින හාලි ඇළ මුස්ලිම් පල්ලිය අසල දී එජාපය කුඩා රුස්වීමක් පැවැත්වීය. එම රුළියේ සංවිධායකවරයා වූවේ ප්රහාරයට ලක් වූ රථයේ හිමිකරුවන නව්ෂාඩ් ය.අද අලුයම 2.45 ට පමණ ඩිෆෙන්ඩර් රථයක් සහ වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් මගේ නිවස අසල නවතා තිබූ ත්රී රෝද රථයට පහර දී එය පෙරළා ගිණි තැබීමට උත්සහ කළා. ගෙවල් අසල පිරිස අවදිවූ නිසා ගිණි තැබීමට හැකි වුනේ නෑ. අපි නිවසෙන් එළියට එන විට පිරිස පැන ගිය නිසා වාහනයට ගිණි තබන්නට අවස්ථාවක් ලැබූනේ නෑ යැයි නව්ෂාඩ් මහතා කැෆේ සංවිධානය වෙත පවසා තිබේ.හාලි ඇළ එජාප සංවිධායක ජයන්ත කන්නංගර පවසන්නේ තමන්ට අවස්ථා හතරක දී හාලි ඇළ නගරයේ දී ප්රහාර එල්ල වී ඇති බවයි. බදුල්ල දිස්ත්රික්කයේ වැඩිම ප්රචණ්ඩක්රියා වාර්තා වී ඇත්තේ හාලි ඇළ මැතිවරණ කොට්ඨාශයෙනි.බදුල්ල හා මොණරාගල දිස්ත්රික්ක දෙකෙන් කැෆේ සංවිධානය වෙත පැමිණිලි 341 ක් වාර්තා වී ඇත. එයින් පැමිණිලි 241 ක් මොණරාගල දිස්ත්රික්කයෙන් වන අතර ඒ අතර ප්රචණ්ඩක්රියා, ගිණි තැබීම් 59 ක් ද වේ. බදුල්ල දිස්ත්රික්කයෙන් මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිදුවීම් 47 ක් වාර්තා වී ඇති අතර ප්රචණ්ඩක්රියා 14 ක් වාර්තා වී තිබේ.
Share this on Facebook
කාලීන,
දේශපාලන
Comments[ 0 ]
Post a Comment