අද හම්බන්තොට මුදා නොගත් ප්‍රදේශයක් යයි ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ තණමල්විල නගරයේ පැවති ජන හමුවක් අමතමිනි.
එහිදී ඒ මහතා මෙසේද කියා සිටියේය.
‘අපි ජනතාවට බොරු පොරොන්දු දෙන්නෙ නෑ. අපිට මේ රට සංවර්ධනය කරන්න අවුරුදු හත අටක් ඕන නෑ. අපිට අවුරුදු තුනකින් මේ රටේ ජන ජීවිත ගොඩ නගන්න පුළුවන්. තිස් අවුරුද්දක් පැවති යුද්ධය අවුරුදු දෙකයි මාස නවයෙන් ඉවර කළා වගේ මේ රටේ නීතිය, යුක්තිය, සාධාරණත්වය ඇති කරලා ජනතාවගේ ආර්ථිකය හදන්න අපිට අවශ්‍ය අවුරුදු තුනයි. අද හම්බන්තොට මුදා නොගත් ප්‍රදේශයක් වගේ. හම්බන්තොට මෙහෙය වන්නේ මැරයෝ. අද කැසිනෝ, සූදුව, එතනෝල්, කුඩු ගෙන්නනන්නේ ඇමතිවරු. ලංකාවට කුඩු ගෙන්වන්නේ පාන් පිටි ගෙන්වන්න වගේ’
Share this on Facebook
Comments[ 0 ]
Post a Comment