මුස්ලිම් රටවල් අතර ඇති සමගිය නැති කරදැමීම සඳහා සතුරන් විසින් ටක්ෆිරි දෘෂ්ටිවාදය භාවිතා කරන බව ඉරාන ඉස්ලාමික විප්ලවයේ නායක අයතුල්ල අල් කාමේනි පවසා තිබේ.
ඉරානයේ හජ් නිලධාරීන් හමුවෙමින් ඔහු පවසා ඇත්තේ පලස්තීන ප්රශ්නය මුස්ලිම් ජනතාවගේ ප්රමුඛ ගැටළුව විය යුතු බවයි.
ඒ පිළිබඳ අවධානය පිටතට හැරවීම සඳහා ටක්ෆිරි මතවාදය භාවිතා කරන බවද ඔහුගේ අදහසයි. එමගින් ඊශ්රායල රජයේ ක්රියා කලාපයට අනුග්රහයක් හිමිවන බවද කාමේනි පවසා තිබේ.
ගාසා තීරයේ ජනතාව විසින් වාර්තා කළ ජයග්රණය සමග මුස්ලිම්වරුන්ට වැඩි වාසි අත්වී ඇතැයි පැවසූ ඔහු එමගින් ඕනෑම සතුරෙකුට අභියෝග කරමින් නොනැසී රැුකිය හැකි බව පෙන්වූ බව අවධාරණය කර තිබේ.
ජුලි මස මුලදී ඊශ්රායලය විසින් ගාසා තීරයට පහරදීම ආරම්භ කළ අතර ඉන් ළමුන්, කාන්තාවන්, වැඩිහිටියන් ඇතුළු 2140ක් පමණ මියයන ලදී. තවත් 11000කට පමණ තුවාල සිදුවිය.
මේ අතර ඉරාන ඉස්ලාමික විප්ලවයේ නායකයා පවසා ඇත්තේ හජ් වන්දනා සමය මුස්ලිම්වරුන් අතර සමගිය තහවුරු කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බවයි.
Share this on Facebook
Comments[ 0 ]
Post a Comment