පසුගිය මාස 6ක් තුළ ඒඩ්ස් රෝගීන්ගේ වැඩිවීමක්
Friday, September 12, 2014
මේ වසරේ මුල් මාස හය ඇතුළත ඉකුත් වර්ෂයට සාපේක්ෂව මෙරට ඒඩ්ස් රෝගීන්ගේ වැඩිවීමක් ඇතැයි ජාතික ඒඩ්ස් මර්දන ව්‍යාපාරය කියයි.පසුගිය වසරේ පළමු හය මාසය තුළ ඒඩ්ස් රෝගීන් 90 දෙනකු වාර්තා වූ බවත් මෙම වසරේ පළමු හය මාසය තුළදී එම සංඛ්‍යාව 110 දක්වා ඉහළ නැඟ ඇති බවත් ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා කියයි.එම කාලසීමාව තුළ පුද්ගලයන් ලක්ෂයක් පමණ වෛද්‍ය පරීක්ෂණයන්ට භාජන කිරීමෙන් මෙම ඒඩ්ස් රෝගීන් හඳුනාගත් බව ඔහු සඳහන් කෙළේය.එම තත්ත්වය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා තරුණ සේවා සභාවේද සහාය මත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ සිටින තරුණ සේවා නිලධාරීන් 150 දෙනකු පුහුණු කර ඒඩ්ස් රෝගයෙන් වැළකීම සඳහා පළාත් මට්ටමින් මහජනයා දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් මේ වනවිට ආරම්භ කොට ඇති බවද වෛද්‍ය ලියනගේ මහතා පැවැසීය.එම නේවාසික පුහුණු වැඩපිළිවෙළ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී දින 3ක කාල සීමාවක් තුළදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබේ.දීපව්‍යාප්ත මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ සහාය ලබාගෙන ඇති බවද ඔහු සඳහන් කෙළේය.ඒ සඳහා රජය විසින් රුපියල් මිලියන විසි පහක මුදලක් වෙන් කොට ඇති බවද වෛද්‍ය ලියනගේ මහතා පැවැසීය.1989 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේදී හමුවී ඇති ඒඩ්ස් රෝගී සංඛ්‍යාව 1950ක් වන අතර වැඩි වශයෙන් අවුරුදු 15ත් 25ත් අතර වයස් සීමාවන්වල අය මෙයට ගොදුරු වී ඇති බව සමීක්ෂණයකදී හෙළි වී තිබේ.
Share this on Facebook
කාලීන
Comments[ 0 ]
Post a Comment