කටුනායක සීදූවේ කෙල්ලන් නෑ ගේ මුල්ලේ
Friday, September 12, 2014
කටුනායක හා සීදුව යනුවෙන් නගර දෙකක් ලංකා සිතියම මත ඇතැයි දන්නා අයෙක් ඒවා අත්‍යන්තයෙන්ම කාර්මික වූ නගර ලෙස හැඳිනීම අපහසුවක් නොවෙයි. නගර සහ ඒවා සමඟ ගනුදෙනු කරන්නෝද අඩු වැඩි වශයෙන් සිය ජීවිත කාර්මිකකරණය කෙසේ වෙතත් මූල්‍යමය සංකීර්ණතාවක සිර කරගෙන තිබෙනවා. දෙහිඅත්තකණ්ඩිය සිට පැමිණි සුනිලාටද ගම්පහ සිට පැමිණි ශ්යාමාටද මෙම සංකීර්ණතාවයෙන් මිදීමට නගර ඉඩ නොදේ. එය පහසුවෙන් පහදාගත හැකිය.කෙල්ලෝ ගාමන්ට් එනවා. මුලින්ම අඳින්නේ චීත්ත ගවුම. පළමුවැනි පඩිය බෝඩිමටයි ඇඳුම්වලටයි. දෙවැනි පඩිය ගෙදරටයි යාළුවුණ කොල්ලටයි. මේ සිස්ටම් එක මාස දෙක තුනක් ඇදීගෙන යද්දී කෙල්ල "නගර" සල්ලං කරල දාල හමාරයි. ඊට පස්සේ ජීවත් වෙන්නෙ ඕනෑ කරන්නේ සල්ලි. සල්ලි නැතිව මොනවත් කරන්න බැහැ කියන එක දැනගත්තම (නගරය කියා දෙන පරිදි) සල්ලි හොයන්නේ නැතිව ඉන්න බැහැ. හැබැයි වැදගත්ම දේ තමයි සල්ලි කොච්චර හෙව්වත් එහෙම හොයන්න මොන දේ කළත් කෙල්ලන්ගෙ පර්මනන්ට් රස්සාව ගාමන්ට් යන එක. ඒක එක අතකින් ඒ අයගේ අයිඩෙන්ටිය. මේ කියන යථාර්ථයෙන් පිට පැනල වෙනම මඟක යන කෙල්ලෝ අතළොස්සක් ඇති. එහෙම ඉන්න පුළුවන්. ඒ වුණත් බහුතරයක් දෙනාට වෙලා තියෙන්නේ මේ සමාජ ක්‍රමයෙන් පිට පැනල පවතින්නේ නැතිව ඉන්න බැරිකම.දැන් කෙල්ලෝ ගොඩදෙනෙක් ඒ අයගේ ගාමන්ට් ෂිෆ්ට් එක අවුල් කරගන්නේ නැතිව ලෝකේ නරකම රස්සාව කරනවා. ඒ කියන්නේ මෙහෙමයි. අපි හිතමු උදේ හය දවල් දෙක එක්කෙනෙක්ගේ ෂිෆ්ට් එක කියල. ඒ වෙලාවේ එයා ගාමන්ට් වැඩ කරනවා. ආයේ දෙකෙන් පස්සේ ආයුර්වේද මධ්‍යස්ථානයක වැඩ කරනවා. දවල් දෙකේ ඉඳලා රෑ දහය වෙනකම් වැඩ කරන කෙල්ලන් රෑ දහයෙන් පස්සේ නයිට් ක්ලබ් එකක වැඩ කරනවා. පර්මනන්ට් ගාමන්ට් රස්සාව හරියට කළාම ඒ අය අර පාට් ටයිම් ජොබ් එක පැය දෙකක් විතර දවසට කරල මුළු මාසෙම පර්මනන්ට් ජොබ් එකෙන් ගන්න සල්ලි හොයා ගන්නවා. ඒක තමයි ඇත්ත කතාව. අද පොඩි පොඩි හෝටලවල ඉඳල ලොකු ලොකු හෝටල්, නයිට් ක්ල්බ්, ස්පා මේ හැම තැනම කෙල්ලෝ වැඩ කරන්නේ ඔය තියරියෙන්. අනික ඔය වගේ පොට්වලට කෙල්ලෝ ඇදගෙන එන වෙනම මාෆියා එකක් මේ වෙද්දි කටුනායක, සීදුවෙ තියෙනවා. තවත් එකක් තමයි තායි, චීන කෙල්ලෝ. කොළඹ අවට තායි, චීන කෙල්ලන්ට තියෙන මාකට් එක මේ වෙද්දි තියෙන්නේ සීදුව,කටුනායක තායි - චීන කෙල්ලන්ට. පොඩ්ඩක් ඇවිදල බැලුවොත් ඇත්ත තත්ත්වය තේරුම් ගන්න පුළුවන් වෙයි. ඕනෑම නගරයක් දියුණු වෙද්දි මේවා ඇතිවන එක ස්වාභාවිකයි. ඒ වුණත් නගර දියුණු වෙනවා කියන්නේ ගණිකා මඩම් දියුණු වෙනවා කියන්නේ දෙකක්. දේශපාලන හයිය තියෙන බලපුළුවන්කාරයෝ ඒ අයට සල්ලි හොයාගන්න වැඩපිළිවෙළක් විදියට මේවා ක්‍රියාත්මක කරන්න උදව් කළාට ඒකෙන් සාමාන්‍ය මිනිසුන්ට ඇති සෙතක් නැහැ. අද දවසේ සල්ලි හොයල ඒ සල්ලිවලින්ම තමන්ගේ ජීවිතය විනාස වෙනවා කියන එක තේරුම් නොගන්න කෙල්ලෝ රෑනයි, මාංස කඩකාරයෝ රෑනයි විතරයි මේ වෙන දේවල් එළිපිටම හොඳයි කියන්නේ.ප්‍රායෝගික යථාර්ථය සොයා අප පළමුව ගොඩවැදුණේ සීදුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ තරු පන්තිය නියෝජනය කරනවාදැයි සැක සහිත ආකාරයේ හෝටලයකට. එහි ඉදිරිපසට වන්නට සිටින කාය ආරක්ෂයන් පැමිණෙන පුද්ගලයා දැඩි පරික්ෂාවකට ලක්කරන්නේ සාමාන්‍ය හෝටලයක වද්දා ගැනීමේ ක්‍රමවේදයෙන් බැහැරව. රාත්‍රි සමාජ ශාලාවක් සහ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ඇතැයි පැවැසෙන දැන්වීම් පුවරුව කෙළින්ම එල්ල වී ඇත්තේ ප්‍රධාන මාර්ගයට. දැන්වීම් පුවරුව දකින අයකුට පැහැදිලි වන්නේ කොකුන් දෙදෙනෙක් පිට නැඟි ඉබ්බා උඩින් ගමන් ගියා සේ එය මාර්ගය දෙසට එල්ලව ඇති'යුරු. ප්‍රධාන කොරිඩෝව කෙරවළ වන්නේ දිග ආලින්දයකට. එතැන් සිට වැටී ඇති මාර්ගය කෙරවළ වන්නේ ආයුර්වේද සම්බාහනය මුල්කර ගත්තා යැයි කියන සම්බාහන මධ්‍යස්ථානයකින්. ඉහළ මිලක් අය කරන මෙම මධ්‍යස්ථානයේ සේවයේ නිරත වන්නේ අවුරුදු 25 ඉක්මවා නැතැයි බැලූ බැල්මට පෙනෙන තරුණියන්. පළමු අවස්ථාවේ පැමිණෙන පුද්ගලයෙක් හට කෙල්ලන් තෝරා ගැනීමට අවස්ථාව නොසලසා දෙන්නක් බව කල්තියා දැනගත් නිසා ඒ පිළිබඳ උනන්දු නොවූ අප ලබා දෙන්නේ කවර යුවතියක්ද ඇයගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට කල්පනා කළේ අරපරිස්සම් වීම ඉතා වැදගත් කරුණක් නිසා.අනවසරයෙන් කාමරයකට පැමිණියා වැනි යුවතියක් පැමිණ කුලුපග බවක් පෙන්වා කතාබහකට ලකලෑස්ති වුණේ හැකි ඉක්මනින් කාමරය නැවැතත් හිස් අවකාශයක් බවට පත්කිරීම මුල්කරගෙන. මෙතැන වෙනස්. අනෙක් තැන්වලට වඩා ගොඩක් වෙනස්. ඒ කියන්නේ ඔයා ආපු කාරණය මොකක් වුණත් ආපු ඉක්මනට මෙතැනින් යන්න අමාරුයි. ඒ හින්දම වේටින් ඉන්නත් එපා. අපි පොඩ්ඩක් කතා කරමු. ඔන්න ඔයා පළපුරුදු හැමදාම යන එන කස්ටමර් කෙනෙක් නම් ආපු ගමන් ගියාට කාරි නැහැ. ඒක මට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් එහෙම නොවී විනාඩි 20 - 30 ගියොත් ඒක ප්‍රශ්නයක්. ඒ හින්දයි මුලදිම මම ඒක මතක් කළේ.ඇය සැබෑ ලෙස හුරුබුහුටි තරුණියක්. ඉදින් අෑ වැන්නියක් සමඟ කතාබහක නිරතව සිටීම කාලය කා දැමීමකට කිසිසේත් සමාන කළ නොහැකියි. බාගදා ඇයත් මයිකේරා - ----- එසේත් නැතිනම් ඇසිඩ් සීල්, අල්ට්රා සවුන්ඩ්, විටමින්, ඉන්ෆියුෂන් හෝ ලේසර් ටී්රට්මන්ට් කර රූ සපුව යාන්තමින් නඩත්තු කරගන්නා එකියක වීමට ඇති ඉඩකඩද බැහැර කළ හැකි එකක් නෙවෙයි. සම්බාහනය සඳහා තමා සූදානම් බව ඇඟවූ ඇය පළමුව කළේ ඇයගේ දිගු නිය පෙන්වා මෙලෙස පවසා සිටීම. "පේනවනේ මගේ නියපොතු. මම නඩත්තු කරගෙන යන විදිය. ගොඩක් අය හිතන්නේ නියපොතු හින්ද ටී්රට්මන්ට් කරන එක අමාරුයි කියල. ඒත් ඇත්ත ඒක නෙවෙයි. නියපොතු ලස්සන වෙන තරමට එන කස්ටමර් ටී්රට්මන්ට්වලට ආසයි. ඒකයි හැමදේම කිව්ව වගේ ඒකත් මම කලින්ම කිව්වේ.වර්ණ ගැන්වූ දිග නියපොතු පිළිබඳ වූ ඉතිහාසයත්, එය දුර දිග ඇදීම නිසා බිහිවූ නේල් ආට් (ව්චඪත ඒපබ) ක්‍රමයත් පිළිබඳව විස්තර කිරීමක නිරත වූ මම අවසන ඇයගෙන් විමසා සිටියේ එවැනි කලාවන් පිළිබඳව දන්නවාද යන වග. ඒ සඳහා ඡ්දජරඥතධනඥඤඪච පමණක් නොව පිටපත් කළ හැකි වෙබ් අඩවි 60,000 වඩා ඇතැයි ඇය පවසා සිටියේ මා වික්ෂිප්ත කරමින්. සැබෑ ලෙසම ඇය වැන්නියක මෙවැනි ලොව ඉපැරැණි රැකියාව මෙවන් නගරයක සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳ මා විස්මයාර්ථයක් දැක්වූවාට පසු ඇය පවසා සිටියේ අ.පො.ස. (සා.පෙළ) පවා අසමත් තමා මෙම නගරයට යාබද නගරයක රූපලාවණ්‍ය පිළිබඳ ඩිප්ලෝමාවක් සිදුකරන බවත් උක්ත දැනුම ඒ මඟින් ලබාගත් බවත්.අවසන ඇය පවසා සිටියේ තමාගේ ශරීරය පිළිබඳ මිනුම්දඬු සහ ඒවා මිලට ගත හැකි මුදල් ප්‍රමාණය. ඇය වැන්නියක් දකින විට ශරීරයේ හෝමෝන ඊගසක වේගයෙන් ඉහළ යන බව සැබෑ වුවත් අනාගත ජීවිතය උදෙසා පරෙස්සම් වීම වැදගත් යැයි මා පවසා සිටියේ සැබෑ කරුණ එය නොවුණත් ඇයව මඟහැර යා හැකි කරුණක් ලෙස එය පෙන්වා දිය හැකි නිසා.සත් මහල් ප්‍රාසාදවල තත්ත්වය එලෙස යැයි දැන හැඳින ගත්තාට පසු තවදුරටත් එහි ගැවසීමට අවශ්‍ය වුණේ නැහැ. ගැහැනියක් අවදි කිරීම යනු ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. වෙසෙස් ලෙස ගතහොත් එයට වඩා අසීරු වන්නේ අවදි වූ ඇයට මුහුණ දීම. මෙවැනි ස්ථානවල සිටින කාන්තාවන් බොහෝමයක් යම් යම් මානසික ආබාධවලින් පෙළෙන්නියන්. එය එක්තරා දුරකට සමාජය ඔවුන් කෙරේ එල්ල කරන පීඩනයක්. (මෙම ලිවීමත් එම පීඩනය ත්රීව්ර කිරීමක් බව දන්නෙමු) එය සඳහා පහසුකම් සපයා දෙනු ලබන්නක්.ඉන්පසුව පැවැතියේ සාමාන්‍ය පිරිස් ගැවසෙන ස්ථානයක මෙම ව්‍යාපාරය සිදුවන ආකාරය කෙලෙසද යන්න සොයා යෑම. ඒ සඳහා ගමන් සහාය වූවේද මෙම නගර දෙක පිළිබඳ හසළ දැනුමක් තිබූ තැනැත්තා. ත්‍රිරෝද රථයක නැඟ අප ගමන් කළේ සීදුව නගරයෙන් පිටතට. එය ගාස්තු අගයෙන් රු. 80ක දුරක්.එවැනි දුරක් ගෙවා පැමිණෙන විට ත්‍රිරෝද රථ රියැදුරා අපගේ ගමනාන්තය පිළිබඳව උදම් ඇනීමක නිරත වුණේ මෙලෙස. ගමේ කෑම තියෙන තැනක්. ඔහුගේ හැඳින්වීම සිත් නොගත්තා වුව මම කල්පනා කරන්නට යෙදුණේ "මාලතියක්" මුණගැසේවි කියා.කතාව : ප්‍රභාත් අත්තනායක
Share this on Facebook
විශේෂාංග
Comments[ 0 ]
Post a Comment