කටුනායක ගුවන් තොටුපොළේ ටැක්සි අවදානමක්
Friday, September 12, 2014
තැරැව්කරුවන් හරහා කටුනායක ගුවන් තොටුපොළේ පවත්වාගෙන යන කුලී රථ සේවා භාවිත කිරීමේදී විමසිලිමත් වන ලෙස බුද්ධි අංශ මගීන්ගෙන් ඉල්ලා සිටියි.එවැනි කුලී රථ සේවා භාවිත කිරීම හේතුවෙන් පසුගිය කාලයේදී මගීන් විවිධ අතවරවලට මුහුණ දුන් බවට පැමිණිලි රැසක් ලැබී ඇති බව පවසන බුද්ධි අංශ මෙහි වැඩි බලපෑමක් ඇත්තේ කාන්තාවන්ට යැයිද පවසයි.ඇතැම් කාන්තාවන් ලිංගික අතවරවලට පවා ගොදුරු වී ඇති බවත් මුදල් හා බඩු බාහිරාදිය කොල්ලකෑමේ සිදුවීම්ද නිරන්තරයෙන් වාර්තා වන බවත් බුද්ධි අංශ හෙළි කරයි.කටුනායක ගුවන් තොටුපොළේදී විධිමත්ව පවත්වාගෙන යන කුලී රථ සේවාවන් ඇති අතර එවැනි කුලී රථ භාවිත කිරීමෙන් මෙම අවදානම බොහෝ දුරට මඟහරවා ගත හැකි බවත් ගුවන් තොටුපොළේදී මුණ ගැසෙන තැරැව්කරුවන් පිළිබඳ දැඩි අවධානයක් දක්වන ලෙසත් බුද්ධි අංශ මගීන්ගෙන් ඉල්ලීමක් කරයි.
Share this on Facebook
කාලීන
Comments[ 0 ]
Post a Comment