ත්රස්තයන්ට එක්වෙන්න පාකිස්තාන් හා ඇෆ්ගන් කට්ටිය යති
Friday, September 12, 2014
සිරියාවේ හා ඉරාකයේ සටන් වදින ධ්ඉධ්ඉ ත්රස්තවාදීන්ට එකතුවීමේ සූදානමින් සිටි ඇෆ්ගන් සහ පාකිස්තානු පුරවැසියන් පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉරානය ප්‍රකාශ කරයි. ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අබේෙදාල්රෙසා රහ්මානි ප්‍රකාශ කළේ මෙම විදේශිකයන් පිරිස තම දේශ සීමාව හරහා ගමන් කිරීමට සැලැසුම් කොට තිබූ බවයි. කීදෙනකු අත්අඩංගුවට ගෙන ඇත්දැයි ඔහු අනාවරණය කොට නොමැත. ධ්ඉධ්ඉ ත්රස්තවාදීන් සුන්නි අන්තවාදීන් නිසා ෂියා නිකායික ඉරානයේ සහයෝගය හිමිවන්නේ නැත. ඉරාකයේදී ධ්ඉධ්ඉ ත්රස්තවාදීන්ට එරෙහිව ඇමෙරිකාව සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීමට ඉරානය එකඟවී තිබේ.
Share this on Facebook
විදේශ
Comments[ 0 ]
Post a Comment