අත් 4යි කකුල් 4යි උගන්ඩාවේ බබෙක් උපදියි
Friday, September 12, 2014
නැඟෙනහිර උගන්ඩාවේ අත් සතරක් සහ පා සතරක් සහිතව උපන් දරුවකුට සැත්කමක් සිදුකොට වැඩි අත් පා ඉවත් කිරීමට එරට වෛද්‍යවරුන් සමත් වී ඇත. නැඟෙනහිර උගන්ඩාවට අයත් කුඩා ගම්මානයක ජීවත්වන පවුලක උපන් පෝල් මුතිසා නමැති මෙම දරුවාගේ සමස්ත අත් පා ප්‍රමාණය අටකි.මෙම විකෘති පිහිටීම නැති කිරීමට එරට වෛද්‍යවරුන් විශාල උත්සාහයක් ගත් අතර එම සැත්කම සාර්ථක කර ගැනීමට ඔවුහු සමත් වූහ. කම්පාලා නුවර මුලාගෝ රෝහලේ මේ වන විට සුවය ලබමින් සිටින මෙම දරුවා මාස තුනක බිලිඳකු බවද විදෙස් මාධ්‍ය පවසයි.
Share this on Facebook
විදේශ
Comments[ 0 ]
Post a Comment