2020දී ලෝක බලවතා චීනය - ලෝක අවධානය දකුණු ආසියාවට
Friday, September 12, 2014
2020 පමණ වන විට මහජන චීන සමුහාණ්ඩුව ලෝක බලවතා වන බවට හඳුනාගෙන ඇති අතර ඒ සමඟින් දකුණු ආසියානු කලාපයේ ඇතිවන සීග්ර දියුණුව හරහා ලෝකයේ අවධානය දකුණු ආසියානු කලාපයට යොමුවන බව ආරක්ෂක මාණ්ඩලික ප්රධානී ජනරාල් ජගත් ජයසූරිය මහතා පැවසීය.ඒ මහතා මේ බව ප්රකාශ කළේ ඊයේ (11) බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ ආරක්ෂක මාණ්ඩලික ප්රධානී කාර්යාලයේ දී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.ලෝක අවධානය දකුණු ආසියානු කලාපය කෙරෙහි යොමුවීම හරහා මෙම කලාපයේ ආරක්ෂාව පිළිබඳ ව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් ජයසුරිය මහතා පෙන්වා දුන්නේය.
Share this on Facebook
කාලීන
Comments[ 0 ]
Post a Comment