අයි.එස්.අයි.එස්. සටන්කාමීන් සම්බන්ධ
Friday, September 12, 2014

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා පසුගිය 9 වනදා උදෑසන ජොර්දානයේ රජු අබ්දුල්ලා ඉන් අම්මාන් හමු වූ බව මැද පෙරදිග මාධ්‍ය වාර්තා කරයි.අයි.එස්.අයි.එස්.
සටන්කාමීන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ඉරාකයට ද ගොස් ඇත.
එහිදී සිරියාව හා ඉරාකයේ අසල්වැසි රාජ්‍යය ලෙස ජෝර්දානයට මෙම අයි.එස්.අයි.එස්. සටන්වලට එදිරිව තුන් වෙනි පාර්ශවයක් මෙන් සම්බන්ධ වන්නට කෙරී මහතා අබ්දුල්ලා රජු සමඟ සාකච්ඡා පවත්වා තිබේ.
කෙරී මහතා පසුගිය දහ (10) වනදා ඉරාකයේ අගමැති අල් අබාඩි (al-Abadi) මැතිතුමා හමුවී සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එලෙසම, පසුගිය (09) ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මැතිතුමා ජාතිය අමතමින් අයි.එස්. සටන්කාමීන්ට එරෙහි ව යුධ ප්‍රකාශ කරන බවට අනතුරු අඟවන ලදී.
ධවල මන්දිරය ප්‍රකාශ කර ඇති අයුරින් වෙන ම ඉස්ලාමීය රාජ්‍යයක් බිහිකිරීම සඳහා අයි.එස්. සටන්කාමීන් මේ වනවිට ඉරාකය සහ සිරියාවේ යුද වදිමින් සිටින අතර ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ තම රටේ ආරක්ෂාවට එරෙහි වුවහොත් අයි.එස්. සටන්කාමීන් හා යුධ වැදීමට තම ජාතිය සූදානම් බවයි.
නමුත් සිරියාවට ඇමරිකානු ගුවන් ගමන් වාර අත්හිටුවන්නේදැයි යන්න තවමත් ඇමරිකානු ජනපති නිශ්චිතව පවසා නැති බවද ධවල මන්දිරය වාර්තා කරයි.
Share this on Facebook
විදේශ
Comments[ 0 ]
Post a Comment