සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවති අවසන් එක්දින තරඟයේදී පාකිස්තාන ක්රීඩක අහමඩ් ෂේශාඩ් විසින් ශ්රී ලංකා පිතිකරු ඩිල්ෂාන්ට කළ ආගම්වාදී ප්රකාශය සම්බන්ධයෙන් දිල්ෂාන් අදහස් පල කරයි.
හිරු ගුවන් විදුලිය හා අදහස් පලකරමින් ඔහු මෙසේ සඳහන් කරයි.
‘අපිට ජාති ආගම් කුලභේද නෑ. ක්රීඩකයෙක් හැටියට හැමෝම අපිට උදව් කරනවාල අපේ පස්සෙන් ඉඳලා අපිව දිරිමත් කරනවා. ඒ වෙලාවේ මං හිටියේ ජයග්රහණයේ සංතෝෂයෙන්. ෂේශාඩ් මට මොනවා කීවද කියලා මට ඇත්තටම ඇහුනෙත් නෑ. මට ගානක් වුනෙත් නෑ.
අයිස් බකට් අභියෝගය සම්බන්ධයෙන්ද ඔහු අදහස් පල කලේය.
‘අයිස් බකට් නානවට වඩා අපේ රටේ උදව් කරන්න ඕනි තරම් මිනිස්සු ඉන්නවා. මට යෝජනා කලොත් කවදාවත් මම අයිස් බකට් නාන්නේ නෑ’
Share this on Facebook
Comments[ 0 ]
Post a Comment