පොලීසිය විසින් අඛණ්ඩව සිදු කරන මත්කුඩු වැටලීම් නිසා ඇති වී තිබෙන මත්කුඩු හිඟය හේතුවෙන් ඊට ඇබ්බැහි වූවන් මත්කුඩු සොයා පිස්සුවෙන් මෙන් ඇවිදින බව පොලිස් තොරතුරු අනාවරණය කරයි.
හිඟය නිසාම මත්කුඩු පැකට්ටුවක මිලද දෙතුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් මත්කුඩු පානයට මුදල් සොයා ගැනීමට මත්කුඩු භාවිතා කරන්නන්ගෙන් සිදුවන සොරකම් පවා ඉහළ යාමට පටන්ගෙන ඇති බවත් පොලීසිය සදහන් කරයි.
කොළඹ නගරයේ වතු ආශ්රිතව මත්කුඩු පානයට ඇබ්බැහි වූවන් රංචු පිටින් මත්කුඩු සොයා සැරිසරනු දැකීම මේ දිනවල සුලභ දසුනක් බවද පොලීසිය සඳහන් කරයි.
Share this on Facebook
Comments[ 0 ]
Post a Comment