නිව්යෝක් පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන සාතන් විහාරය නම් ආගමික කණ්ඩායම සිය පළමු උපෝස්ථාගාරය ඩෙට්රොයිට්හි පිහිටුවන බව එහි නිර්මාතෘ ලූෂියන් ග්‍රීව්ස් හෙවත් ඩග් මෙස්නර් පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ භූගත කලාකරුවන් වැනි කැරලිකාර ප්‍රජාවන් සම්බන්ධයෙන් ඩෙට්රොයිට් නගරයට ඇති අත්දැකීම් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
උපෝස්ථාගාරය පිහිටුවන ස්ථානය සහ එය ආරම්භ කරන දිනය මෙතෙක් තීරණය කර නොමැති බවද මෙස්නර් පවසා ඇත.
මෙම ස්ථානය ජෙක්ස් බ්ලැක්මෝර් නම් 32 හැවිරිදි කාන්තාවක් විසින් පාලනය කරනු ඇති අතර විවාහයන්, අවමංගල්‍යයන් ආදිය පැවැත්වීම සඳහා එය විවෘතව පවතිනු ඇතැයි පැවසේ.
මෙස්නර් පවසා ඇත්තේ ජීවිත තර්ජනයන් එල්ල වන හෙයින් සිය කණ්ඩායමේ සාමාජිකයන් අන්වර්ථ නාමයන් භාවිතා කිරීමට වැඩි නැඹුරුවක් ඇති බවයි.
සියලූ දෙනාටම ආරක්ෂිත ලෙස දැනෙන ස්ථානයක් උපෝස්ථාගාරය ලෙස තෝරාගන්නා බවද ඔහු පවසා තිබේ.
එය දිනයේ නියමිත පැය කිහිපයක් පොදු ජනයා වෙත විවෘතව පවතිනු ඇති අතර පොත පත පරිශීලනය කිරීම සඳහා සහ හමුවීම් ස්ථානයක් ලෙස එය භාවිතා කිරීම සඳහා අවකාශ සලසනු ඇතැයි පැවසේ.
ඔක්ලහෝමා ප්‍රාන්ත සභාව අසල සාතන්ගේ පිළරුවක් ඉදිකිරීම සඳහා අවසර ඉල්ලීම සමග සාතන් විහාරය ආගමික කණ්ඩායම ප්‍රසිද්ධියට පත්විය.
මෙස්නර් පවසා ඇත්තේ තම කණ්ඩායම මිත්‍යා මතික ලෙස සාතන් ඇදහීමක් සිදුනොකරන බවයි.
Share this on Facebook
Comments[ 0 ]
Post a Comment