ආරක්ෂක සේවා පාපැදි ශූරතාව බුද්ධිකට
Friday, September 12, 2014
අන්තර් ආරක්ෂක සේවා පාපැදි සවාරියේ ප්රථම ස්ථානය දිනාගැනීමට ශ්රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට බුදධික වර්ණකුළසූරිය සමත්විය. දෙවැනි ස්ථානය ගුවන් හමුදාවේ ගුවන් භට නිරන්ත ප්රනාන්දුට හිමිවිය. කි. මී. 125.4 කින් සමන්විත වූ මෙම තරගය කොළඹ යුද හමුදා විදුලි හා යාන්ති්රක ඉංජිනේරු බළකාය ඉදිරිපිටින් ආරම්භ වූ අතර ඒ සඳහා තරගකරුවෝ 36 දෙනෙක් සහභාගී වූහ.තරගාවලියේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමටද ගුවන් හමුදා කණ්ඩායම සමත්වූ අතර අවසන් වරට ඔවුන් කණ්ඩායම් ශූරතාව දිනා තිබුණේ 2005 වසරේදීය. ඒ අනුව වසර 09 කට පසු අන්තර් ආරක්ෂක සේවා පාපැදි තරගාවලියේ කණ්ඩායම් ශුරතාව හිමිකර ගැනිමට ගුවන් හමුදා කණ්ඩායම සමත්වීමද කැපීපෙනෙන සිදුවීමක් විය.තරගාවලියේ සමාප්ති උළෙලේ විශේෂ ආරධිත අමුත්තා ලෙස නාවික හමුදාවේ අධ්යක්ෂ ජෙනරාල් වෙරළ ආරක්ෂක රියර් අද්මිරාල් එස්. එස්. රණසිංහ මහතා සහභාගි විය.
Share this on Facebook
ක්රීඩා
Comments[ 0 ]
Post a Comment