මැති ඇමතිවරුන් ඉහල නිලධාරීන් තමනට ලැබෙන වාහන බලපත් විකුණාගෙන කන බව ඇමති කුමාර වෙල්ගම මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ දොඩම්ගොඩ ප්රාදේශීය කර්යාලයේදී පැවැති රැස්වීමක් අමතමිනි.
ඔහු එහිදී මෙසේද කීය.
‘ඇත්ත හංගන්න දෙයක් නැහැ.මන්ත්රීවරුන්ට,ඇමැතිවරුන්ට,පළාත් පාලන ආයතන නිලධාරීන්ට,ප්රාදේශීය ලේකම්වරුන්ට වාහන සදහා පර්මිට් ලැබෙනවා.ඒ වාහන විකුණාගෙන විශාල ලාභයක් ගන්නවා.මමත් එහෙමයි.අපි බොහෝ දෙනා එහෙම කරලා හරියට කකුළුවෝ ඇදට යන ගමන් පොඩි කකුළුවන්ට කෙළින් යන්න කියනවා.
පොඩි මිනිහෙක් ණයක් ගත්තාම ඒ මිනිහා පස්සෙන් පන්නනවා.යතුරු පැදියක් ගත්තාම ඒක ආපසු ගන්නකන් නින්ද යන්නේ නැහැ.ඒ නිසා මේ ණය යෝජනා ක්රමය මිනිසා මිරිකා දමන්නට නොව මිනිසා ඉදිරියට ගෙන යන්න සැකසූ ණය යෝජනා ක්රමයක් විය යුතුයි’
Share this on Facebook
Comments[ 0 ]
Post a Comment