ශ්රී ලංකාව මේ වන විට අල්කයිඩා අන්තවාදීන්ගේ තිප්පොලක් වී ඇති බව සිංහල රාවය සංවිධානය පවසයි.
එහි සභාපති අක්මීමන දයාරතන හිමියන් පවසන්නේ ඉන්දියාවේ අල්කයිඩා මූලස්ථානයක් පිහිට වූ ලෙසට මෙරටත් තව නොබෝ දිනකින් ඔවුන් විසින් මූලස්ථානයක් ඉදිකරනු ඇති බවයි.
ලෝක බෞද්ධයන් විනාශ කිරීමට අල්කයිඩා ත්රස්තවාදීන් උත්සාහ කරමින් සිටින බව පැවසූ උන්වහන්සේ ඇමෙරිකාව ලෝක ජනතාව වෙනුවෙන් ගෙන යනු ලබන ක්රියාමාර්ග අගය කළ යුතු බවද පැවසූහ.
Share this on Facebook
Comments[ 0 ]
Post a Comment